සන්නිවේදනය සහ සමාජය


සන්නිවේදනය සහ සමාජය

සන්නිවේදනය සහ සමාජය අතර පවතින්නේ දැඩි සබතාවයකි.  සන්නිවේදනයෙන් තොර සමාජයක පැවැත්මක් නැත.  සන්නිවේදනය හා සමාජය අතර ඇති මෙම සබතාවය අධ්‍යයනය කරන විට ඊට සන්නිවේදනයෙන් ලැබී ඇති දායකත්වය කරුණු කිහිපයක් යටතේ පෙළගැස්විය හැක.

1.      අප විසින් අප හුනාගනු ලබන්නේ සන්නිවේදනයෙනි (තමා විසින් තමාව හුනා ගැනීම)

සෑම පුද්ගලයෙකු විසින්ම තමන්ට හිමි හැකියාවන් නොහැකියාවන් පිළිබව හුනාගනු ලබන්නේ සන්නිවේදනයෙනි.  මෙය සන්නිවේදනයේදී ස්වයං සංකල්පය ලෙස හුන්වයි.  එමෙන්ම ඉන් තමා පිළිබව තක්සේරුවක් ලබාගත හැක.

-          තමන්ට විවිධ අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිය තිබේද?
-          තමන්ගේ අදහස් සෑමවිටම ධනාත්මක කරගන්නේ කෙසේද?
-          තමන් අදාළ කාර්යයට සුදුසු ද? නුසුදුසු ද? නුසුදුසු නම් එය දියුණු කරගැනීමට කළයුත්තේ මොනවාද?
යන කරුණු අන්තර්වර්තී සන්නිවේදනය ඔස්සේ විග්‍රහයක යෙදීමට කවර පුද්ගලයෙකුට වුවද හැකියාව ඇත.  එසේ නම් පුද්ගලයෙකුට ඔහු පිළිබස්වයං සංකල්පය” ගොඩනංවන්නට උපකාරී වන එකම මාර්ගය වන්නේ සන්නිවේදනයයි.

2.    තමා විසින් අන්‍යයන් හුනාගනු ලබන්නේ සන්නිවේදනයයි

තමන් විසින් තමාව හුනා ගැනීමෙන් පසුව අන්‍යයන් හුනාගනු ලබන්නේ ද සන්නිවේදනයෙනි.  තමා අවට ලෝකය, පුද්ගලයන් සහ අනෙකුත් සියළු ජීවී, අජීවී වස්තූන් හුනාගනු ලබන්නේ සන්නිවේදනයෙනි.  පුද්ගලයෙකු තමා අවට පරිසරය මෙන්ම මනඃකල්පිත ලෝකයක් මවා ගනු ලබන්නේ ද සන්නිවේදනය මඟිනි.

3.    සමාජ සම්බන්ධතා ගොඩනඟන්නේ සන්නිවේදනයෙනි

සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ මෙන්ම විවිධ ආයතන සමඟ ද සබතා ගොඩනඟා ගැනීම අවශ්‍ය වූවකි.  එය ඉටුකරනු ලබන්නේ සන්නිවේදනය මඟිනි.  මිනිසා සමාජය ගොඩනඟනු ලබන්නේ ද එය බි දමන්නේ ද සන්නිවේදනය ප්‍රමුඛ කොට ගෙනය.  ගුරු, සිසු, දෙමාපිය, දූදරු, පාලක පාලිත වැනි සබතා ද පුද්ගලාන්තර, කණ්ඩායම්, ජන සන්නිවේදන මෙන්ම රටවල් අතර අන්තර් ජාතික සබතා ද ගොඩනඟනු ලබන්නේ සන්නිවේදනය මඟිනි.







4.    පුද්ගලයෙකුට හිමි විවිධ භූමිකා හුනාගනු ලබන්නේ සන්නිවේදනයෙනි

පුද්ගලයෙකුට සමාජයේ ජීවත් වීමේදී විවිධ භූමිකා අනුගමනය කිරීමට සිදුවෙයි.  එය සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වූවකි.  එබැවින් පුද්ගලයෙකුට ඔහුට හිමි විවිධ භූමිකා නිවැරදිව හුනාගනු ලබන්නේ සන්නිවේදනය මඟිනි.   එහිදී වාචික හා නිර්වාචික සන්නිවේදන රටා උපයෝගී කොට ගනී.  පුද්ගලයෙකු කථා කරන ස්වභාවය, ඇුම් පැළුම්, හැසිරීම් වැනි විවිධ ක්‍රම මඟින් එක් එක් පුද්ගල භූමිකාවන්ගේ ස්වරූපය වටහා ගත හැක.
5.    සමාජ පැවැත්ම රා පවතින්නේ සන්නිවේදනය මතයි

පුද්ගලයන් අතර සමාජ සබතා ගොඩනැඟෙන්නේ තොරතුරු හුවමාරුවෙනි.  සමාජයේ පැවැත්ම තීරණය වන්නේ සාමුහිකත්වය මතය.  සමාජ වර්ධනය සිදුවන්නේ ද එමඟිනි.  එම නිසා සන්නිවේදනයේ ඇණ හිටීමක්, සමාජයේ ඇණ හිටීමක් ද වනු ඇත.

6.    පුද්ගලයන් සතු පෞරුෂත්වය ඉස්මතු වන්නේ සන්නිවේදනයෙනි

එක් එක් පුද්ගලයෙකු සතු පෞරුෂයන් ඔවුන් සිදුකරන සන්නිවේදනය තුළින් ඉස්මතු වෙයි.  යමෙකුට විවිධ අවස්ථාවන්ට මුහුණ දීමට ඇති හැකියාව, දක්ෂතාවයන් හා නොහැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ කැඩපතක් ලෙස සන්නිවේදනය ක්‍රියාත්මක වෙයි.  ගායනය, වාදනය, කථනය, නර්තනය, ක්‍රීඩා වැනි විවිධ ක්‍රම මඟින් පුද්ගලයෙකු ඔහු සතු පෞරුෂත්වය ඉස්මතු කරයි.

7.    සමාජ අවස්ථා ඉටුකරගනු ලබන්නේ සන්නිවේදනයෙනි

පුද්ගලයෙකු ඔහුට අවශ්‍ය සියළුම අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ප්‍රමුඛ කොට ගනු ලබන්නේ සන්නිවේදනයයි.  සමාජයේ පැවැත්මට මෙන්ම සමාජයේ ඉදිරි ගමන්මඟ රා පවතින්නේ සන්නිවේදනය මතය.  එමනිසා සමාජ සංවර්ධනයේදී වඩා වැදගත් කාර්යභාරයක් සන්නිවේදනය විසින් ඉටුකරනු ලබයි.  සමාජයේ අර්බුද කළමණාකරණය (වැඩවර්ජන, ගැටුම්) කරනු ලබන්නේ සන්නිවේදනයයි.  එමෙන්ම පුද්ගලයෙකු ඔහුගේ පැවැත්මට අවශ්‍ය තොරතුරු, දැනුම, විනෝදය ලබාගන්නේ ද සන්නිවේදනයේ ආධාරයෙනි.



Comments