සන්නිවේදනයේ පුරෝගාමිකයෝ
හැරල්ඩ් ලැස්වෙල්
දේශපාලන විද්‍යා ශ්‍රාස්ත්‍ර යකු ලෙස සිටිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කල විද්වතකු ලෙස ලැස්වෙල් හදුන්වා දිය හැකිය. ප්‍රෙස්බ්ටේරියන් පූජකවරයකුගේ පුත්‍රයකු ලෙස 1902 පෙබරවාරි 13 වන දින මෙලොව උපත ලද් ලැස්වෙල් කුඩා කල සිටම සෑම දෙයක් පිලිබදවම විමසිල්ලක් දැක්වූවා සේම විවිධ විෂයන් පිලිබද ලියවුණු පොත පතද කියවන්නට පුරුදු වී සිටියේය. වයස අවුරුදු 16 දී ඉතිහාසය හා ඉංග්‍රීසි විෂයන්ගෙන් ශිෂ්‍යත්වයක් දිනා ගත් ඔහු 1918 දී චිකාගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. එහිදී ඔහු සිවු වසරක් ශ්‍රාස්ත්‍ර හදාරා ප්‍රථම උපාධිය දේශපලන විද්‍යාවෙන් ලබා ගත් අතර 1926 දී ආචාර්යය උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ "propaganda techniques in the world war "යන්නය. එනම් "ලෝක සංග්‍රාම සමයේ භාවිතා කල ප්‍රචාරක විධි" යන්නය. මෙම ග්‍රන්ථය සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලැස්වෙල් ප්‍රථම උපාධිය සේම ආචාර්ය උපාධියද දේශපාලන විද්‍යාව සදහා ලබා ගත්තද ඔහු කිසිදු විටෙක එම විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා වී කටයුතු කලේ නැත. ඔහු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හා සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයන් පිලිබදවද අධ්‍යයනයන් සිදු කිරීමට උත්සාහ කරන ලදි. ඔහු සෘජු ලෙසම සන්නිවේදන ශ්‍රාස්ත්‍ර යකු ලෙස කටයුතු නොකලද ඔහුගේ ශ්‍රාස්ත්‍රීය එලබුම තුල වර්තමානයෙහි සන්නිවෙදනය ලෙස පිලිගැනෙන සමාජ ශ්‍රාස්ත්‍රය අභිවර්ධනයට අතිශයින් ඉවහල් වන්නාවූ ශ්‍රාස්ත්‍රීය එලබුමක් ඒ තුල පවතී.ලැස්වෙල් අධ්‍යයනය කල විෂය ක්ෂේත්‍ර ලෙස ප්‍රචාරණය, ජනමතය සකස් වීම, දේශ්පාලන භූමිකා හා ජනමාධ්‍ය පිලිබද අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය පෙන්වා දිය හැකිය.
එසෙම මොහු ලන්ඩන්, ජිනීවා, පැරිස් සහ බර්ලින් හිදීද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරත විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හා කාල් මාක්ස්ගේ ලියවිලි හැදෑරූ මොහු ඒ ගැන පර්යේෂණ කටයුතුද සිදු කරන ලදි. මනො විග්‍රහය පිලිබද පුලුල් ලෙස පර්යේෂණද පැවැත්වීය.ලැස්වෙල් බොහෝ විට පවතින දේ හදාරන්නෙකුට වඩා නව දේ සොයා යන්නෙකු ලෙස කටයුතු කරන ලදි. අධි ශිෂ්‍යත්වයක් මත ඔහු බොස්ටන්, වියේනා හා බ්ර්ලින් සංචාරය කොට ආපසු චිකාගෝ විශ්ව විද්‍යාලයට පැමිනි පසු චර්යාවාදය සමග මනෝ විශ්ලේෂණ න්‍යාය සම්බන්ධ කිරීමට උත්සාහ ගත් අතර නමුත් ඒ සදහා ඔහුට අවස්ථාවක් නොලැබිනි. හේතුව වූයේ සාම්ප්‍රදායික මනෝ විද්‍යා යින් එයට දැඩි ලෙස විරුද්ධ වීමය. එසේම දෙශපාලන විද්‍යා යින්ගෙන්ද ඔහුට ලැබුණු ප්‍රතිචාරය යහපත් එකක් නොවේ. ඒ බව මනෝ විශ්ලෙෂණ න්‍යාය පදනම් කොට ගනිමින් දේශපාලන නායකත්වය අලළා ඔහු විසින් රචිත "world politics and personal insecurity " නැමැති ග්‍රන්ථය පිලිබදව "American political science review " හි ඒ පිලිබදව දැඩි විවේචන එල්ල වී තිබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මෙසේ මනො විශ්ලේෂණ න්‍යාය බදු විප්ලවීය න්‍යායික පර්යාලෝක දේශ්පාලන විද්‍යාවට හදුන්වා දීමට ලැස්වේල් උත්සාහ ගන්නා ලදි. මෙම නිසා මොහුගේ අධ්‍යයන තත්කාලීන දේශ්පාලන විද්‍යාව තුල බෙහෙවින් විප්ලවකාරී ඒවා ලෙස සැලකිණ.
සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ලැස්වෙල් විසින් දක්වන ලද දායකත්වයන් අතර මූලිකත්වයක් ගන්නේ ප්‍රචාරණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිලිබද සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ද වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පලමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්ය උපාධිය සදහා පර්යේෂණ සිදු කල කාලවකවානුවේදීය. එහිදී ඔහු පලමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිලිබදව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිලිබදව සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිලිබද සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේදී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේශන මාර්ගයයි.
ලැස්වෙල් චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන කාලයේදී එහි ප්‍රචාරණය හා මහජන මතය පිලිබද පාඨමාලා ඇතුලුව පාඨමාලා රැසක් ආරම්බ කරන ලදි.ඒවා ඔහු දේශපාලන විද්‍යාවට සම්බන්ධ කොට ආරම්භ කරනු ලැබුවද සැබවින්ම එම පාඨමාලා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ ඒවා විය. නමුත් එම කාල වකවානුවෙහි එනම් 1920-30 අතර කාලයේ "සන්නිවේදනය" යන නම භාවිතා නොකරන ලදි. චිකාගෝ සරසවියෙහි වසර 17ක සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්වී අර්ධකාලීන කථිකාචාර්ය වරයකු ලෙස යේල් විශ්ව විද්‍යාලයට එක් විය. දෙවන ලෝක යුද්ධය ඇති වීමත් සමග ලැස්වෙල් ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙහි අධ්‍යයන කටයුතු සදහා වන පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි. එය ඔහුගේ පර්යේෂණ කටයුතු පුලුල් කිරීමට හේතු විය. ප්‍රචාරණය පිලිබදව පුලුල් පර්යේෂණ ආරම්භ කරන ලද්දේද මෙම කාලයේදීය. ඒ සදහා ඔහුට මූල්‍ය ප්‍රතිපාදන "රොකෆෙලර් පදනම" මගින් සපයන ලදි. 1939 සැප්තැම්බර් සිට 1940 ජුනි දක්වා මාසයක් පාසා පැවැත්වුණු මෙම සන්නිවේදන සම්මන්ත්‍රණ තුල ලැස්වෙල් ඉතා ප්‍රබල කාර්ය භාරයක් ඉටු කරන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වූයේ යුධ පසුබිම තුල රජයට සන්නිවේදනය කල හැකි ආකාරය පෙන්වා දීමය. එහිදී සන්නිවේදන බලපෑම පිලිබද ක්ෂේත්‍රය වෙත මෙම සම්මන්ත්‍රණ සාකච්ඡා වාර යොමු කරවීමට ලැස්වෙල්ට අවස්ථාව ලබිණි.මෙම සම්මන්ත්‍රණය සන්නිවේදන අධ්‍යයන සදහා සුවිශේෂී වන්නේ ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තවදුරටත් සංවර්ධනය වන්නේ මෙහිදී වීම නිසාය.
- කවුරුන් විසින්?
- කා හට?
- කවර නාලිකාවකින්?
- කවර බලපෑමක් සදහා කියන්නෙද? යනු එම ආකෘතියයි
තවද මෙම සම්මන්ත්‍රණය තුලින් සන්නිවේදනය පිලිබද උනන්දුවක් ඇති විද්වතුන් ඒකරාශී කරන ලදි. එසේම මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරන ලද කරුණු සන්නිවේදනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස තාර්කිකව විශද කල කෘතියක් විය. සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආරම්භ කිරීමෙහිලා "රොකෆෙලර් පදනම"හා ජෝන් මාර්ෂල් අතින් විශාල කාර්ය භාරයක් සිදු වූ බව සදහන් කල යුතුය. ජෝන් මාර්ෂල් යනු රොකෆෙලර් සම්මන්ත්‍රණය සංවිධානය කල පුද්ගලයාය. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර සන්නිවේදන පර්යේෂණ යන වචන පවා භාවිතයේ නොතිබුණු අතර 1939 දී එම සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන් වෙත මාර්ෂල් විසින් ආරාධනා කොට යවන ලද ලිපිවල පළමු වරට " " යන වචනය භාවිත කර තිබූ අතර ඉන් පසුව මෙම නව විෂය සදහා එම නම භාවිතයට ගන්නා ලදි.රොකෆෙලර් සම්මන්ත්‍රණය තුල ලැස්වෙල්ගේ ශ්‍රාස්ත්‍රීය දායකත්වය තවත් ආකාරයකට ප්‍රකට විය. ඒ සන්නිවේදනයේ කාර්යය සම්බන්ධයෙනි. ලැස්වෙල්ට අනුව සන්නිවේදන කාර්යය පහත ආකාර වේ.
- පරිසර ආවේක්ෂණය [සෝදිසියට, විමසිල්ලට ලක් කිරීම]
- පරිසරයට ප්‍රතිචාර දැක්වීම සදහා සමාජයේ කොටස් එකිනෙකට සම්බන්ධ කිරීම
- එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජ උරුමය ගෙන යාම
දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙහි ලැස්වේල් සහ කැසේ යුද්ද වි පන කාර්යාලයෙහි උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදි. රැල්ෆ් කැසේ ලැස්වෙල්ගේ ප්‍රචාරණය පිලිබද අධ්‍යයන පෘථූල කිරීමෙහිලා කැපවී ක්‍රියා කල අයෙකි. එම නිසාම ඔවුන් දෙදෙනාටම මෙසේ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රචාරණ විශ්ලේශනය ප්‍රවර්ධනය විය.එම ප්‍රවර්ධනය සන්නිවේදන අධ්‍යයනය පිලිබද විල්බර් ශ්‍රාම්ගේ දෘෂ්ටිය සංවර්ධනයටද හේතු විය.
ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි යුද්ධය, විප්ලවය හා සාමය පිලිබද පුවර් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක්ද මෙහෙයවූ අතර එම ව්‍යාපෘතියට ආණ්ඩු සහ දේශපාලන නායකයන් පිලිබද අධ්‍යයන, ආයතනික අධ්‍යයන හා පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය ආදිය අන්තර්ගත විය. මෙහිදී පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය සෘජු ලෙසම සන්නිවේදනය කේන්ද්‍රගතව සිදු කරන ලද්දකි. සන්නිවේදන අධ්‍යයනයෙහි පීතෘවරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන විල්බර් ශ්‍රාම්ද ලැස්වෙල් හා සමකාලීනයෙකි. ලැස්වෙල් හා ශ්‍රාම් 1954-55 අතර කාලයේ පළමු වරට දෙදෙනා මුන ගැසුණු අතර එම අවස්ථාව රොජර්ස් මෙසේ දක්වා ඇත
" ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි චර්යාවේද අධ්‍යයනය පිළිබද මධ්‍යස්ථානයෙහි ශ්‍රාස්ත්‍රධාරියකුව සිටි වකවානුවෙහි එක්තරා දිනයකදී ශ්‍රාම් ලැස්වෙල් හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රාම් සන්නිවේදනය පිලිබද මහාචාර්ය වරයා ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පත්වී ආ අලුතය ශ්‍රාම් ලැස්වේල් සොයා ආවේ ලැස්වේල් සමග දත්ත විශ්ලේෂණ ගැටලුවක් සාකච්ඡා කිරීමේ අරමුනෙනි. පස්වරු 02.00 කට පමණ ලැස්වෙල්ගේ අධ්‍යයනාගාරයට පැමිණි ශ්‍රාම්ට ඔහුගේ දත්ත මෙහෙයවාලිය හැකි වෙසෙසින් සංවර්ධිත විශ්ලේෂණ මාර්ගයක් ලැස්වේල් පෙන්වා දුන්නේය. අදාළ දත්ත අර්ථ නිරූපනය කිරීමට අදාළව ඔවුන් දෙදෙනා අතර ඇරබුනු සාකච්ඡාව නිමවන විට වේලාව රාත්‍රී 08.00 ලෙස සටහන්ව ශාස්ත්‍රීය ගැටලු හා පොර බැදීමේදී ලැස්වෙල්ගේ මනස ක්‍රියා කල ආකාරයද එයින් හෙලි වෙයි." ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය.අද වන විට ප්‍රචාරණය යන න්‍යාය වෙසෙසින් එය මුල් විග්‍රහය කාලීන අගයෙන් අඩු වූවක් බව විද්වතුන් තර්ක කරන නමුත් එය එම න්‍යායෙහි මූලික අවස්ථාවක් බව සියලු දෙනා පිලිගත යුතුව ඇත. එය අද වන විට සංවර්ධනාත්මකව ප්‍රබල ලෙස භාවිත වීමෙන් එහි ඇති අගය මනාව සුවිශද වේ.
සන්නිවේදන අධ්‍යයනය විධිමත් විෂය පථයක් ඔස්සේ නව චින්තන ධාරාවක් ඒ වෙතට යොමු කොට එය සංවධන මාවතක් කරා යොමු කිරීමෙහිලා ලැස්වේල් විසින් ස්වකීය පර්යේෂණ හා අධ්‍යයන මගින් සන්නිවේදන අධ්‍යයන විෂයෙහි දක්වන ලද මෙහෙය අති විශාල එකක් වූ බව අවසාන වශයෙන් සදහන් කල හැකිය.
වෝල්ටර් ලිප්මන්
වර්තමානයෙහි න්‍යායපත්‍රකරණය නමින් ප්‍රචලිත ක්‍රියාවලිය සංකල්පගත කිරීමෙහිලා අප්‍රතිහත කාර්ය භාරයක් ඉටු කල විද්වතෙකු ලෙස වෝල්ටර් ලිප්මන් සන්නිවෙදන අධ්‍යයන පිලිබද කතා කරන විට අමතක කල නොහැකිය.ලිප්මන් හා ලැස්වෙල් යන දෙදෙනාම එක්ව කටයුතු කල අතර ප්‍රචාරණය හා ජනමතය අළලා ලැස්වෙල් කරන ලද අධ්‍යයන වලදී ලිප්මන්ගෙන් ඒ සදහා විශාල දායකත්වයක් ලැබී තිබේ. හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම දර්ශනය පිලිබද ශාස්ත්‍රපති උපාධිය සදහාද අධ්‍යයන කටයුතු සිදු කොට එය අතර මග නවතා දමන ලදි. විශේෂයෙන්ම ඔහු ඉගැන්වීම් කටයුතු වල නියැලීමට රුචිකත්වයක් නොදක්වන ලදි. ශාස්ත්‍රාලීය පර්යේෂණ ක්‍රමවේද හෝ න්‍යායික පර්යාලොක වලට අනුගත නොවෙමින් ක්‍රියා කල ඔහු නිදහස් චින්තනයකින් යුතුව කටයුතු කල අයෙකි. ඔහු පුවත්පත් වලට ලිපි සැපයීමට දැඩි කැමත්තක් දැක්වූ අතර ඔහුගේ නිදහස් චින්තනය තුලින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය අභිවර්ධනයෙහිලා විශාල මෙහෙයක් කිරීමට එය වෙසෙසින් බලපාන්නට ඇත. මන්ද යත් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය උදෙසා ඔහුගේ රචනා බෙහෙවින් වැදගත් වූ හෙයිනි. ඔහුගේ " මහජන මතය " නැමැති කෘතිය සන්නිවෙදන අධ්‍යයන සදහා වැදගත් වූ කෘතියක් ලෙස විද්වතුන්ගේද සම්භාවනාවට පාත්‍ර වේ.
මුලදී ඔහු බොස්ටන්හි සමාජවාදී පුවත්පතක සේවය කල අතර ඉන් අනතුරුව new Repulicනැමැති ශ්‍රාස්ත්‍රීය සගරාවෙහි කර්තෘ ධූරයටද පත් විය. ඉන් පසුව 1921 දී නිව්යෝක්හි “New York " නම් පුවත්පතට සම්බන්ද වූ ඔහු එහි කර්තෘ වාක්‍ය ලියන ලදි. ඉන් පසු ලිප්වින් ගතානුගතික නැබුරුවකින් යුත් "New York Herald Tribune" පුවත්පතට සම්බන්ද වූ අතර එහිදී ඔහු "Today and Tomorrow" නමින් තීරු ලිපියක් සතියකට සිවු වතාවක් බැගින් රචනා කල අතර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ එම ලිපි පෙලත් සමගය. 1963 දී ඔහු "The Washinton Post" පුවත් පතට සම්බන්ධ වී කටයුතු කරයි. ඔහුගේ නිදහස් මතවාදී චින්තනයද මෙම පුවත්පත්වල ඔහු විසින් පල කරන ලද ලිපි මගින් තහවුරු විය. දේශපාලන සංසිද්ධීන් අරබයා ඔහු විවිධ ලිපි පල කල අතර ඒවා අපක්ෂපාත බවින් යුක්ත ඒවා වීම නිසා පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. මෙම කරුණු නිසාම ඇමරිකාව තුළ 20 වන සියවසේ බිහි වූ සුප්‍රසිද්ධ හා විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා ලෙසද ඔහු ඉතිහාස ගතව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රචාරණයේ කාර්ය භාරය පිලිබදව මහජන අවබෝධය ඇති කිරීමෙහිලා ලිප්මන් විසින් රචනා කරන ලද "public opinion" නම් වූ කෘතිය අතිශයින් වැදගත් විය. මහජන මතය හැඩ ගැස්වීම සදහා මුඛ්‍ය සාධකයක් ලෙස ලිප්මන් මෙහිදී හදුනා ගත්තේ "Stereotypes" එය යථාර්තය සරල භාවයට ගෙන එනු ලබන කේතයකි. එවිට සන්දේශ මූලයට අවශේෂ ජනයා වෙත එය පහසුවෙන් සන්නිවේදනය කල හැකිය.
සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය අරභයා ලිප්මන් විසින් දක්වන ලද දායකත්වය විශද කරන්නාවූ තවත් එක් සුවිශේෂී පැතිකඩක් ලෙස ඔහු විසින් හදුන්වා දුන් "Agenda Setting" "න්‍යායපත්‍ර සැලසුම් කරනය" පෙන්වා දිය හැකිය. සැබෑ ලෝකයේ පවතින ප්‍රතිරූප හා එකී සංසිද්ධීන් පිලිබද අපගේ මනස තුල පවතින ප්‍රතිරූප අතර සහ සම්බන්ධය ගොඩ නැගීමට ජනමාධ්‍ය සෘජු ලෙස බලපෑම් කරන බව ඔහු මෙමගින් පෙන්වා දෙන ලදි. මෙය පසුකාලීනව දේශපාලන විද්‍යා යකු වන බර්නාඩ් කෝනන් විසින් තව දුරටත් සංවර්ධනය කරන ලදි.
මෙම "න්‍යායපත්‍ර සැලසුම් කරනය" ක්‍රියාවලියට ප්‍රධාන සංචරක 03ක් ඇතුලත් වෙයි.
- මාධ්‍ය න්‍යායපත්‍ර කරණය
- මහජන න්‍යායපත්‍ර කරණය
- ප්‍රතිපත්ති න්‍යායපත්‍ර කරණය
මෙම න්‍යායපත්‍ර කරණ සංචරක එකිනෙකට සහසම්බන්ධ වූ ප්‍රතික්‍රියාවක් දක්වනු ලබයි. එනම් මාධ්‍ය න්‍යායපත්‍ර කරණය මහජන න්‍යායපත්‍ර කරණයට බලපෑම් කරන අතර ඒ බලපෑම ප්‍රවෘතිමය න්‍යායපත්‍ර කරණය සදහා තුඩු දෙනු ලබයි. මෙම ක්‍රියාවලිය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන මතය ක්‍රියාවට නැගෙන ආකාරය විවරණය කරණු ලබයි. මෙම න්‍යායපත්‍ර සැකසුම් කරනය ස්න්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉහල තලයකට ගෙන ඒමට දායක වූ දෙදෙනෙක් ලෙස මැක්කොම්බ් හා ෂෝ යන දෙදෙනා සදහන් කල හැකිය. මේ ආකාරයට ලිප්මන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය නව මාවතක් කරා යොමු කරලීම විශයෙහි විශාල දායකත්වයක් සපයා තිබේ.
Comments
Post a Comment